live Darmadakshina
next Neth News
Neth News
Later Pirith Mandapaya
No Programs Scheduled for Current Time!

ලෝකයේ හොඳම රැකියා පහෙන් එකක් තෝරගමුද ?..  Share

audio_img

March 14, 2017, 8:15 pm    367

රස්සාවයි පරස්තාවයි පටලවගන්න එපා කියලා කියමනක් තියෙනවනේ.පරස්තාව කෙසේ වෙතත් හොඳ රස්සාවක් කරන එක කාගෙත් හිත්වල තියෙන හීනයක්. හැබැයි ලෝකෙ තියෙන හොඳම රැකියා පහ අතරට යන්නන් වාසනාවත් තියෙන්න ඕන. බලන්නකො ලෝකේ හොඳම රැකියා පහ සමහර විට ඔයාලට පුදුමත් හිතේවි.

1.ප්‍රීතිමත් දූපත්වැසියා

  c
බෙන් සවුත්හෝල් එහෙමත් නැත්තම් ඕස්ට්‍රේලියාවෙ පැරඩයිස් අයිලන්ඩ් එකේ භාරකරු තමා මේ ලෝකෙ තියෙන හොඳම රැකියා වලින් එකක් කරන්නෙ.තාම අවුරුදු 34 යි. බොහොම සුන්දර ජීවිතයක් තමයි එයා ගත කරන්නෙ. පැරඩයිස් අයිලන්ඩ් එකට එන සංචාරකයොත් එක්ක හරි සතුටින් ජීවත් වෙන එක තමා එයාගේ වැඩේ. ආසද එයා ගැන තව දේවල් දැනගන්න. එහෙනම් මෙන්න ලින්ක් එක. .  

2.නිදාගෙන ගොඩ ගිය කෙල්ලෙක්roisin madigan

අපි රැකියාවට ගිහිල්ලා නිදා ගත්තොත් ඊළඟ දවසෙ ඉඳලා ගෙදර. නමුත් තමන්ගෙ රැකියාව නිදාගන්න එක කරගනිපු කෙනෙක් තමයි මේ. රොයිසන් මැඩ්ගන් තාම පොඩි කෙල්ල. පොඩි කිවුවට ඉතිං අවුරුදු 22 ක්. මෙයා කරන්නෙනම් හරි පුදුම ජොබ් එකක්. මෙයා තමයි සැවෝයි හෝටලයෙ ලක්ෂරි ඇඳන් චෙක් කරන්නෙ. දන්නවද මෙයා මාසයක් වැඩ කරලා. ඒ කියන්නෙ නිදාගෙන රුපියල් 190518.92 හම්බකරනවා.

3.අවුරුදු හයයි-වැඩ මාරයි

4499398795_d0a6bfc85a_z තවමත් ජොබ් එකක් නැතිව ගෙදරට වෙලා ඉන්න අය අතරෙ අවුරුදු හයක පුංචි කොල්ලෙක් රැකියාවක් කරනවා කිවුවම සමහර විට ඔයා විශ්වාස කරන එකකුත් නෑ. යෝක් ජාතික දුම්රිය කෞතුකාගාරයෙ විනෝද කටයුතු අධ්‍යක්ෂක විදියට වැඩ කරන්නෙ 6 හැවරිදි සෑම් පොයින්ටින්. ලෝකෙ පුදුම කරමින් මෙයා මේ රැකියාවට අයදුම් කරලා තියෙන්නෙ කොහොමද කියලා ඔයා දන්නවද? අවුරුදු හයේදී මේ පුංචි දරුවා යෝක් ජාතික දුම්රිය කෞතුකාගාරයට මෙන්න මේ විදියෙ ලියුමක් ලියලා තියෙනවා. ඒ අනුව තමයි මේ දරුවට රැකියාව ලැබෙන්නෙ.

4.දවසෙම චොක්ලට් කන්න තියෙන්නෙ

  වැඩ කරන තැන නිතර නිතර කන බොන අය හැම ඔෆිස් එකකම වගේ ඉන්නවනෙ.එහෙම අයට මේ වගේ ජොබ් එකක් හොයාගත්තනම් දවසෙම කකා බිබී ඉන්න තිබුනා. හැබැයි චොකලට් තමයි මේ විදියට කන්න තියෙන්න. දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති චොක්ලට් කන එක කොහොමද ජොබ් එකක් වෙන්නෙ කියලා. කැන්ඩි චොකලට් සමාගමේ චොකලට් වල රස චෙක් කරන එක තමයි මෙයාගෙ රාජකාරිය. තාම අවුරුදු දොලහයි. මෙයාගෙ නම හැරී විල්ශර්. ඔයාටත් ආසනම් මේ වගේ ජොබ් එකක් හොයා ගන්න දැන්ම චොක්ලට් කම්පැනියකට කතා කරන්න.

5.බොමු අපි විස්කි..වයින්

  “කන්න දෙනවනම් - අපිට බොන්න දෙනවනම්“ කියාගෙන ඔෆිස් එකේ වැඩ කරන අයට මේ වගේ රැකියාවක් ලැබුනොත් කොහොම තියෙයිද..?? මේ කියන්න යන්නෙ 28 හැවිරිදි හාර්ඩ් වොලස් ගෙ ජොබ් එක ගැන. මෙයා වෘත්තීමය වයින් පරීක්ෂකවරයෙක්. මුළු දවසෙම ගෙදරට වෙලා වයින් බිබී ඉන්න තමයි තියෙන්නෙ. මොකද මෙයාගෙ ගෙදරට හැමදාම වයින් වර්ග 450 ක් විතර ගේනවා පරීක්ෂා කරන්න.සමහර අය වයින් බොන්න සල්ලි වියදම් කරද්දි මෙයා වයින් බොනවට ඩොලර් 10000 ක් ගෙවනවා. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් 1513500.00 ක්.

Your Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *