live Darmadakshina
next Neth News
Neth News
Later Pirith Mandapaya
No Programs Scheduled for Current Time!

ස්මාට් ෆෝන් එකෙන් කරන්න පුලුවන් කවුරුත් නොහිතන වැඩ ටිකක්..  Share

audio_img

April 21, 2017, 5:25 pm    1027

අද කාලෙ මොබයිල් ෆෝන් එකක් අතේ නැති කෙනෙක් හොයා ගන්නවා  කියන්නෙ ටිකක් නෙමෙයි ගොඩක් අමාරු වැඩක්. හැබැයි මේ දුරකතයෙන් උපරිම ප්‍රයෝජන ගන්නෙ කීයෙන් කීදෙනාද කියලා ටිකක් හිතන්න වෙනවා. මොකද වර්ථමානයෙදි ජංගම දුරකතන වල තියෙන පහසුකම් හැටියට ඒක ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. හරි එහෙමනම් අපි බලමු මොනවද අපිට වැදගත් වුනත් අපි ජංගම දුරකතනයෙන් ලබා නොගන්න ප්‍රයෝජන කියලා.

 

කුඩේකුත් අරගෙනම යනවද..?

 

කුඩේකුත් අරගෙනම වැඩට යනවද කියලා කල්පනා කරන්නෙ හරියටම වහීවිද නැද්ද කියලා දන්නෙ නැති නිසානෙ. හැබැයි ඔයාගෙ ස්මාට් ජංගම දුරකතනයෙන් හරියටම අද හවසට වහිනවද නැද්ද කියලා විතරක් නෙමෙයි ඉදිරි දින කිහිපයේම කාලගුණ තොරතුරු දැනගන්න ඔයාට පුළුවන්. Weather කියන මොබයිල් ඇප් එක මගින් ගොඩක් නිවැරදි තොරතුරු ඔයාට දැනගන්න පුළුවන්. එහෙනම් ඉතිං අද ඉඳලා ඔයා මේ තාක්ෂණය භාවිතා කරයි කියලා අපි විශ්වාස කරනවා.


 

මේ දවස්වල එහේ ගිහින් බෑ හරිම රස්නෙයිනෙ.

   

ට්‍රිප් එකක් එහෙම යන්න ප්ලෑන් කරද්දි යන පළාත ගැන හොඳ අවබෝධයක් අරගෙන යනවනම් ඔයාට හොදට සතුටු වෙන්න පුළුවන්. නුවර එළිය පැත්තෙ මේ දවස් වල කොච්චර හීතලද..? හම්බන්තොට පැත්තෙ රස්නෙ එහෙම හරියට දැනගෙන යන්න ඔයාට ඔයාගෙ මොබයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඉතිං ඔය පාර ට්‍රිප් යන්න කලින් ස්මාට් ෆෝන් එකට නිදසක් නම් නැති වෙයි නේද..?


 

පත්තරේ ගේන්න අමතක වුනානෙ.

 

දැන් ඉතිං ඉස්සර වගේ පිටු පෙරල පෙරලා පත්තර කියවන්න ඕන නෑනෙ. අනික කඩේට ගිහිල්ලා සල්ලි දීලා පත්තරේ අරගෙන ඇවිල්ල කොච්චර කරදරයක්ද..? දැන් අලුත් වෙන්න කාලෙ හරි. ඔයාගෙ ස්මාට් ෆෝන් එකෙන් News Reader App එකක් ඩවුන්ලෝඩ් කරගත්තනම් කිසි කරදරයක් නෑ. එහෙමත් නැත්තම් දැන් අදාල පුවත්පත් සමාගමේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාට පහසුවෙන්ම පත්තරේ කියවන්න පුළුවන්. නැත්තම් ඉතිං පත්තරේ ගන්න අමතක වුනොත් එහෙම ආයෙ පත්තර නොබල ඉන්න පුළුවන්ද..?


 

ගෙදරින් ආවට පස්සෙ ටීවී බලපු කාලයක් මතක නෑ.

 

ගොඩක් අයට තමන්ගෙ කාර්යබහුල ජීවිතයත් එක්ක ටීවී බලනවා කියන එක ටිකක් මගහැරිලා තියෙනවා. ඒත් ඉතිං ටීවී බලන්නම ඕනෙනම් බස් එකේ යන ගමන් ඔයාගෙ ස්මාට් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකටත් ක්‍රම තුනක් තියෙනවා. ඒකක් තමයි ටීවී ෆෝන් එක. ඒකනම් ඉතිං ටිකක් අමාරු වැඩක්. මොකද බස් එකක එහෙම යන ගමන් ඒරියල් එක උඩට උස්සගෙන එහෙ මෙහෙ කර කර ඉන්න එක අනිත් අයට මැජික් පෙන්නනවා වගේ වැඩක් වෙන්න පුළුවන්. දෙවෙනි ක්‍රමේ තමයි ෆෝන් එකට ටීවී ඇප් එකක් දාගන්න එක. හරියට පැහැදිලිව ඔයාගෙ ෆෝන් එකෙන් ටීවී බලන්න ඔයාට පුළුවන් උනත් ඩේටා කැපෙනවට බය අයියලාට මල්ලිලාට මේ ක්‍රමේ ටිකක් නොගැලපෙනවා වෙන්න පුළුවන්. අනිත් ක්‍රමේ තමයි ඔයා දෛනික ගාස්තුවක් ගෙවලා ටීවී බලන එක. ඒ කියන්නෙ ඔයාට අන්තර්ජාල සේවා සපයන ආයතනයේ තියෙන සේවාවක් එක්ක ලියා පදිංචි වෙලා මේක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්.


 

අපරාදෙ ට්‍රේන් එක මිස් වුනානෙ.

 

ගොඩක් දෙනා කියන කතාවක්නෙ මේක. හරියට කෝච්චිය එන වෙලාව දන්නෙ නැතුව ස්ටේෂන් ගානේ රස්තියාදු වෙන්නෙ මොකටද..? නැත්තම් ස්ටේෂන් ගානෙ ඇවිද ඇවිද මාතරට කෝච්චියක් තියෙන්නෙ කීයටද..? කුරුණෑගලට කෝව්වියක් තියෙන්නෙ කීයටද..? ඒක එහාට යන කොට කීය වෙනවද..? මේ විස්තර අහ අහ ඉන්නෙ නැතුව ඔයාගෙ ජංගම දුරකතනයෙ Play store එකට ගිහිල්ලා ඉක්මනටම Train Schedule App එක දාගන්න. නැත්තම් මෙතනින් දුම්රිය දෙපාර්තමේන්තුවෙ නිල වෙබ් අඩවියෙන්ම ඔය හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්.


Your Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *