No Programs Scheduled for Current Time!

ලෝකයේ ලොකුම කුණු කඳු අනතුර මෙන්න..  Share

audio_img

April 19, 2017, 12:16 pm    1432

කුණු කිවුවම මේ දවස් වල ගොඩක් දෙනාට මතක් වෙන්නෙ මීතොටමුල්ලනෙ. මොකද ලංකාවෙ අපි කවදාවත් හිතපු නැති විදියට කුණු කන්දක් නාය යෑම නිසා විශාල වශයෙන් ජීවිත හා දේපළ හානි සිදුවුනා. මේ ඛේදජනක අත්දැකීම අපිට අලුත් දෙයක් උනාට ලෝකෙ බොහෝ රටවල මේ වගේ සිදුවීම් මීට කලින් සිදු වෙලා තියෙනවා. ඒ අතරින් දැනට ලෝකයේ සිදු වී ඇති විශාලතම කුණු කඳු නාය යෑම ගැන තමයි අපි ඔබට කියන්න යන්නෙ.

ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා වලින් තමයි මේ සිදුවීම වාර්ථා වෙන්නෙ.මෙහි පිහිටා ඇති කුණු කන්ද වසර 50 කට වඩා පැරණි වන බවයි අන්තර්ජාල වාර්තා සඳහන් කරන්නෙ. කෙසේ වෙතත් මෙම අනතුර නිසා 65 දෙනෙකුට ජීවිතය අහිමි වුණු බවත් වාර්තා වෙනවා. මෙම නාය යාම සිදු වන විටත් එම කන්ද අසල 150 ක පමණ පිරිසක් ඉඳලා තියෙනවා. රජය මගින් මෙම කුණු කන්ද ආශ්‍රිත ජනතාව ඉවත් කිරීමට උත්සාහ කරද, මෙම කුණු කන්ද ආශ්‍රයෙන් තමන්ගේ ජීවනෝපාය සිදු කර ජීවත් වන නිසා ඔවුන් වෙනත් ස්ථානය පදිංචිය සඳහා යාමටද අකමැත්තක් දක්වනවා. බලධාරීන් විසින් 2013 වසරේදී ඩොලර් මිලියන 120 ක් ආයෝජනය කර කුණු කන්ද උපයෝගී කරගෙන මෙගා වොට් 50 ක විදුලි බලාගාරයක් ඉදිකිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වෙලා තියෙනවා.

Your Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *