x

live Sathya
Tharanga
next Harida Waradida
Sachini & Suresh
Later Pahan Kanda
No Programs Scheduled for Current Time!

රටවල් දාහතක්ම බලන්න පුළුවන් අධිවේගී මාර්ගයේ රවුමක් යමුද...?..  Share

audio_img

August 31, 2017, 1:08 pm    3109

අධිවේගී මාර්ගයක් භාවිතා කරලා ගමනක් බිමනක් යද්දි මුදල් කෙසේ වෙතත් කාලයනම් අපිට ගොඩක් ඉතිරි කරගන්න පුළුවන්. උදාහරණයක් විදියටම කියනවනම් කොළඹ ඉඳලා දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් බස් එකකින් මාතරට යන්න රුපියල් 520 ක වගේ මුදලක් තමයි වැය වෙන්නෙ. ඒ වගේම පැය එක හමාරකට ආසන්න කාලයකදී අපිට ගමනාන්තයට ලඟා වෙන්න පුළුවන්. සාමාන්‍ය මාර්ගයකින් අපි ගමනක් යනවනම් අපිට රුපියල් 200 ක් වගේ වියදම් කරල‍ා බස් එකක යන්න පුළුවන්. හැබැයි ඉතිං ඒ සඳහා ගතවෙන කාලය පැය 04 ටත් වඩා වැඩියි.පාරෙ ට්‍රැෆික් එක එහෙම තියෙන වෙලාවට තත්වය ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.ලංකාවෙ හයි වේ එහෙමත් නැත්තම් අධිවේගී මාර්ගය තුල අපිට ගත කරන්න වෙන්නෙ සුළු කාල සීමාවක් විතරයි. හැබැයි අද අපි ඔබට කියන්නෙ රටවල් 17 ක් හරහා වැටී ඇති අධිවේගී මාර්ගයක් ගැන. එහෙමත් නැත්තම් ලෝකයේ දිගම අධිවේගී මාර්ගය කිවුවත් නිවැරදියි.

පෑන් - අමෙරිකා නමින් හැඳින්වෙන මෙම අධිවේගී මාර්ගය කිලෝ මීටර 30,000 කින් යුක්තයි.  මෙහි තියෙන විශේෂත්වය තමයි  සම්පූර්ණ  මාර්ගය දිගේම ගමන් කරන කෙනකුට රටවල් 17ක සිරි අසිරිය නරඹමින් ගමන් කරන්න පුළුවන් වීම. පෑන් - අමරිකා අධිවේගී මාර්ගයේ උතුරු කොටසේ ගමන් කරන කෙනෙකුට මෙම රටවල් හරහා ගමන් කිරීමට සිදු වෙනවා.

කැනඩාව

අමෙරිකා එක්සත් ජනපදනය

මෙක්සිකෝව

ගෝතමාලාව

එල් සැල්වදෝරය

හොන්ඩුරාස්

නිකරගුවා

කොස්ටාරිකා  

පැනමාව

ඒ වගේම දක්ෂිණ කොටස මෙම රටවල් හරහා වැටී තිබෙනවා.

සුරිනාම්

ගයනාව

වෙනිසියුලාව

කොලොම්බියාව,

ඉක්වදෝරය

පේරු

චිලී

ආර්ජන්ටිනාව 

එසේම මෙම අධිවේගී මාර්ගයේ තියෙන තවත් විශේෂත්වයක් තමයි  බොලිවියාව, බ්‍රසීලය, පැරගුවේ සහ උරුගුවේ කියන රටවල් හතරට ඉතාමත්ම ඉක්මනින් පිවිසීමට අවශ්‍ය මාර්ග නිර්මාණය කර තිබීම.


Your Comments