live Dedunu Mawatha
Sura & Lee
next Sathya
Tharanga
Later lakshapathi IQ meetare
Chandhimal & Anne
No Programs Scheduled for Current Time!

මීතොටමුල්ලේ ව්‍යසනය මැද - බල්ලන් මිනිසුන්ව තනිකර නොගිය හේතුව..  Share

audio_img

April 18, 2017, 2:11 pm    598

බල්ලො කියලා කියන්නේ මිනිස්සු එක්ක සමීපව ඉන්න සත්තු කොටසක්නේ.මිනිසාගේ සැපේදි විතරක් නෙවෙයි,දුකේදි වුනත් බල්ලො මිනිස්සු ළගම ඉන්න බව ප්‍රකට කරුණක්..මීතොටමුල්ලෙ සිදුවුනු අනතුරත් එක්කම හුදෙකලාවුනු සුනඛයින් කිහිප දෙනෙකුගේ ජායාරූප කිහිපයක් තමයි මේ.මේ විදිහට මිනිස්සු කරදරේ වැටුනු වෙලාවන්හිදි බල්ලන් විසින් මිනිසාව තනිකර දමා නොයන්නට හේතු තියෙනවා.

    ඉතිහාසයේ ඉඳලම මිනිසාගේ ළගම මිතුරා තමයි බල්ලා කියන්නේ.ගෘහස්ථ බල්ලාගේ විද්‍යාත්මක නාමය වෙන්නේ Canis lupus familiaris.ඊජිප්තුවේ සමහර පිරමීඩවල පවා සුනඛයාව සිතුවමට නගා තිබෙනවා.ඒ විතරක් නෙවෙයි.බෞද්ධ ඉතිහාසයේ කියවෙන පරිදි බරණැස් නුවර රජ මාළිගයේ සිටි සුනඛයින් විසින් රජතුමාගේ ගමන් රථයේ ආසනවල හම්පටි කෑ පුවතක් පිලිබඳව කුක්‌කුර ජාතක කතාවේ කරුණු කියවෙනවා.ඊට අමතරව ඇතැම් රජවරුන් දඩයමේ යෑමේදි දඩයම් බල්ලන්ගේ සහාය ලබා ගත් අවස්ථා ද ලෝක ඉතිහාසයෙන් උපුටා ගන්නට පුලුවන්.

මේ සතුන්ගේ පැවත ඒම පිළිබඳව කාලයක් තිස්සේම පර්යේෂණ කරපු Dr. Robert K. Wayne ඇතුලු විද්වතුන් පවා පවසන්නේ සියවස් ගණනාවක ඉඳලම සුනඛයින් නිවාස ආශ්‍රිතව වාසය කරන්නට ඇති බවයි.

s  
එහෙම බැලුවම සුනඛයින් කියන්නේ අවුරුදු ගණනාවක ඉඳලම මිනිස්සුත් එක්ක ළගින් හිටපු සත්ව විශේෂයක් .ඒ නිසයි අදටත් මිනිසාට කරදරයක් වුන වෙලාවක ,ඔවුන්ව තනි නොකරන උතුම් ගුණයක් මේ සතුන්ට තිබෙන්නේ.

( ඡායාරූප-චාමර අමරසූරිය )  

Your Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *