live Neth News
Neth News
next Pirith Mandapaya
Later Pibidemu La..
Darshana/Sameera
No Programs Scheduled for Current Time!

ඔෆිස් එකේදි මේ විදියට කෝල් ගත්තොත් ඔයත් කැපී පේන කෙනෙක් වෙයි...  Share

audio_img

March 16, 2017, 9:04 am    758

ඔෆිස් එකේ ෆෝන් එකට ප්‍රතිචාර දක්වන්න බය අය ඔයාගෙ ඔෆිස් එකෙත් ඉන්නවා නේද..? එහෙනම් මේ කරුණු ටික ගැන හය ගැන හොඳට හිතලා අද ඉඳලම බයෙන් බයෙන් හරි ඔෆිස් එකට එන කෝල් ආන්සර් කරන්න. ටික දවසක් යන කොට ඔය බය නැතිවෙලා යාවි.

01. ප්‍රථමයෙන්ම ඔබ ගැන හඳුන්වාදෙන්න.

කෝල් එකක් ආවට පස්සෙ ඔයාගෙ ස්ටයිල් එකට හෙලෝ, හා කියන්න, මොකක්ද දන්නෑ වෙන්න ඕන නේ, වගේ දේවල් කියන්නෙ නැතිව මෙන්න මේ වගේ ඔබටම ආවේනික වූ ක්‍රමයක් හදා ගන්න. එතකොට අමතන්නා හා ඔබ අතර ඇති විශ්වාසය බොහෝ දුරට වර්ධනය කර ගන්නට පුළුවන්.
“ආයුබෝවන්, මම කසුන් කෙසේද ඔබට සහය වන්නෙ"

“ආයුබෝවන් අපි අහවල් ආයතනයෙන් කතා කරන්නෙ"
මේ වගේ ඔබේ ආයතනයට ගැලපෙන විදියට අමතන්නාට කතා කරන්න ඔබට පුළුවන්.
02. කතා කරන විලාසය ගැන හොඳින්ම හිතන්න. දුරකතනයෙන් කතා කරද්දි ඔබ කතා කරන සෛලිය අනුව තමයි අමතන්නා ඔබ ගැන ප්‍රතිරූපයක් මවා ගන්නෙ. ඒ නිසා ඔෆිස් එකේ ෆෝන් එකෙන් කතා කරද්දිනම් ඔයාගෙ පර්සනල් ඩික්ෂනරියෙ තියෙන වචන එහෙම කියන්න යන්න එපා. නිතරම වැදගත් විදියට කතා කරන්න පුරුදු වෙන්න. කොහොමද ඔයාගෙ බොස් එහෙම කතා කරලා එන්න කිවුවොත්
“ හරි මචං පොඩි වැඩක ඉන්නෙ"
වගේ දෙයක් කටින් පිටවුනොත් එහෙම නේද..??

03. කතාකරන්නට පෙර සැලසුම් කර ගන්න

ඔයාගෙ ඔෆිස් එකට කෝල් එකක් එනවා. ඔයා ගිහින් ෆෝන් එක ආන්සර් කරනවා.එයා කතා කරලා තියෙන්නෙ ඔයාලට වැදගත් තොරතුරක් දෙන්න. ඉතිං දැන් මොකද ඔයා කරන්නෙ. පෑනක් කොලයක් හොයාගන්න මීටර් සීය දුවනව වගේ ඔෆිස් එකේ හතර වටේ දුවනවා. අනේ සමහර විට ඔයා කොලයක් පෑනක් හොයා ගෙන එනකොට ඔයාට කතා කරපු කෙනා ෆෝන් එක කට් කරගෙන තියෙන්නත් පුළුවන්. ව්‍යාපාරික කටයුත්තකදිනම් මේ වගේ පොඩි අතපසු වීම් ලක්ෂ ගණනක පාඩුවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මතක ඇතිව කෝල් එකක් ගනිද්දි පොඩි නෝට් බුක් එකක්, පෑනක් ලඟ තියා ගන්න පුරුදු වෙන්න.අඩුම තරමේ එයා කියන ෆෝන් නම්බර් එකක් ඔයාගේ හෑන්ඩ් ෆෝන් එකේ හරි save කරගන්න.
 

04. අමතන්නා රස්තියාදු කරන්න එපා

ඔයාගෙ ආයතනයෙන් යම් කිසි සේවාවක් බලාපොරොත්තුවෙන් කවුරු හරි දුරකතන ඇමතුමක් ගන්නවා. අපි හිතමු ඔයාගේ ආයතන ප්‍රධානියගෙ දුරකතන අංකය ඉල්ලලා හරි නැත්තම් ඔයාගෙ ආයතනයේ නිෂ්පාදන ගැන දැන ගන්න කියලා හරි. මෙහෙම වෙලාවට ඔයා අසන්නාගේ ප්‍රශ්නයට උත්තර දෙන්න හොඳට සූදානම් වෙලා ඉන්න ඕන. ඔයා ඒ දවල් දන්නෙ නැත්තම් පොඩ්ඩක් ලයින් එකේ ඉන්න මිස්, පොඩ්ඩක් ඉන්න සර් කියලා පැය ගනන් ලයින් එක හෝල්ඩ් තියා ගන්නම් එපා. ඔබේ ආයතනයේ ජාලගත දුරකතන පද්ධතියක් තියෙනවනම් ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි එයාව අදාල අංශය වෙත යොමු කරන එක.

05. කියන දේ නිරවුල්ව කියන්න

ඔබ කියන හැම දෙයක්ම පැහැදිලිව නිරවුල්ව අමතනන්නාට ග්‍රහනය කරගන්න පුළුවන් විදියට කියන්න පුළුවන්නම් ඔයා හොද සන්නිවේදකයෙක්. දවසක් මම එක ආයතනයකට කතා කරලා දුරකතන අංකයක් ඉල්ලුවා. පස්සෙ මට ඒක රෙකෝඩ් කරගෙන තමයි පස්සෙ එකින් එක ලියාගන්න උනේ. ඒ නිසා විශේෂයෙන්ම දුරකතන අංකයක්, ලිපිනයක් වගේ දෙයක් කියද්දි බොහොම පැහැදිලි කියන්න මතක තියා ගන්න.

06. ඔබ භාවිතා කරන්නේ ජංගම දුරකතනයක් නම්.

ringtone ඔබ භාවිතා කරන්නේනම් ජංගම දුරකතනයක් නම් ඒක ඔෆිස් ඒකේදී අන් අයට කරදරයක් නොවෙන විදියට භාවිතා කරන්න ඕන. වැදගත්ම දේ තමයි මීටින් එකක එහෙම ඉන්න කොට ෆෝන් එක සයිලන්ට් කර ගන්න. කොහොමද මීටින් එක අතරතුරේ ඔයාගෙ රිංගින් ටෝන් එකට දාපු මේ දවස්වල ජනප්‍රිය විරහ ගීතයක් එහෙම ප්ලේ උනොත් නේද..??

Your Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *