No Programs Scheduled for Current Time!

බිත්තර ශීතකරණයේ දාන එක භයානකයි..  Share

audio_img

March 14, 2017, 8:10 pm    363

මේ ප්‍රශ්නෙට ඔබ ලබා දෙන උත්තරය ඔවු නම්, ඔබ ඇමරිකාවෙ,ජපානයෙ, ඕස්ට්‍රේලියාව එහෙමත් නැත්තම් ස්කැන්නේඩියාවෙ වගේ රටටක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මොකද අනෙත් බොහෝ රටවලනම් බිත්තතර ශීතකරනයේ දාන්නෙ නැහැ.හරි දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි ඇත්තටම බිත්තර ශීතකරනයෙ දාන්න ඕනෙද...? එහෙම දැම්මොත් මොකද වෙන්න කියන එක.  

අපි  බිත්තර ආහාරයට ගනිද්දි අපිට තියෙන ලොකුම අවදානම තමයි මේ බිත්තර වල සැල්මොනෙල්ලා කියන බැක්ටීරියාව ඇතුල් වෙලාද කියන එක.

සැල්මොනෙල්ලා කියලා කියලා කියන්නෙ බිත්තර පෘෂ්ඨය  ඒ කියන්නෙ බිත්තර කටුව මත හොඳින් වැඩෙන බැක්ටීරියාවක්.

1994 දී සැල්මොනෙල්ලා බැක්ටීරියාව නිසා ඇමරිකා එක්සත් ජනපදය තුළ පුද්ගලයින් 2,24000 පමණ ලෙඩ වෙලා තියෙනවා. හිතා ගන්න පුළුවන් නේද..?? මේ බැක්ටීරියාව ගැන.

හරි දැන් මේ බැක්ටීරියාවයි, ශීතකරණයි, බිත්තරයි මොකක්ද මේවා අතරෙ තියන සම්බන්ධය කියන එක ගැන තමයි ඔයා කල්පනා කරන්නෙ නේද..?

ඔයා බිත්තර ශීතකරණයෙ දැම්මොත් ඒක සැලමොනෙල්ලා බැක්ටීරියාව වර්ධනය වෙන්න මහත් රුකුලක් වෙනවා. ඒ නිසා බිත්තර ශීත කරනයෙ දාන එක අත්‍යවශ්‍ය නෑ කියලා තමයි ජර්නල් ඔෆ් ෆුඩ් ප්‍රොටෙක්ෂන් ආයතනය පවසන්නෙ.


Your Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *